පන්ති සදහා මුදල් ගෙවන ආකාරය

ඔබගේ පන්තියට ගෙවීමක් අවශ්‍ය වූ විට එය පහත පරිදි ඔබට දැනුම් දෙනු ඇත. Pay Now මත click කිරීමෙන් ගෙවීම සම්බන්ධ විස්තර ලබාගත හැක.

පන්ති ගාස්තු ගෙවීම පිළිබද උපදෙස් හා බැංකු පිළිබද විස්තර

පන්ති ගාස්තු මුදල්, බැංකු තැන්පතු හරහා ගෙවිය හැක. බැංකු තැන්පතු සදහා අවශ්‍ය විස්තර පහත දක්වා ඇත. අප විසින් ලබාදෙන යොමු අංකය(Reference No) ඔබගේ බැංකු තැන්පතු පත්‍රයේ තැන්පත්කරුගේ යොමු අංකය(Depositor's Ref No) හි සදහන් කිරීමට සැලකිලිමත් වන්න. මුදල් ගෙවීමෙන් පසු පහත පෝරමය පුරවා ඒ බව ඔබගේ ගුරුවරයාට දැනුම් දෙන්න. ඔබ විසින් කරන ලද බැංකු තැන්පතු වලට අදාල පත්‍රිකා හෝ රිසිට් පත් ඔබ සතුව තබාගැනීමට කාරුණික වන්න.

ඔබගේ ගෙවීම ගුරුවරයා විසින් පරීක්ෂා කර පැය 24 - 48 ඇතුලත එම ගෙවීම තහවුරු කරනු ඇත. ගෙවීම තහවුරු කරන තෙක් ඔබට පන්තිය පහත පරිදි දිස්වේ. ඔබගේ ගෙවීම ඇතුලත් කිරීමේදී හා තහවුරු කිරීමේදී ඔබට ඒ බව email එකක් මගින් දැනුම්දෙනු ඇත. එම emails ඔබ සතුව තබාගැනීමට කාරුණික වන්න.